බොස්ටන් බෝම්බකරු රෝහලෙන් හිරේට


වෙඩි හුවමාරුවකින් පසුව පොලිස් අත්අඩංගුවට ගෙන බොස්ටන් රෝහලක ප්‍රතිකාර ලැබු  බොස්ටන් මැරතන් බෝම්බකරු  වු සොහාර් සාර්නෝව් අද (26)  රෝහලේ සිට බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබීය.

බෝම්බ සැකකරු දැඩි ආරක්ෂාව මධ්‍යයේ මැසචුසෙට් හි  පෝර්ට් ඩවෙන්ස්  බන්ධනාගාරය වෙත ගෙනගිය අතර ඔහු දැන් සුවය ලබා ඇති බවත් පොලීසිය කියයි.

 බෙල්ලට  සිදුවු තුවාල හේතුවෙන් ඔහුට තවමත් කතාබහ කළ නොහැකි හෙයින් බෝම්බ සිද්ධිය පිළිබදව ලිඛිත ප්‍රකාශ ලබා ගෙන ඇති බවත් බොස්ටන් පොලීසිය කියයි.