බොරුවෙන් රන් කිලෝ සීයක් විකුණන්න ගිහින්


රජයේ රත්‍රන් සංචිතයෙන් සහන මිලට රහසිගතව ලබා ගත් රන් බව අඟවමින් කිලෝව රුපියල් ලක්ෂ පනහ බැගින් කිලෝ සියයක් රුපියල් කෝටි පනහකට විකිණීමට තැත් කළැයි කියන නව දෙනෙක් කොළඹදී අද අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරනු ලැබූහ.

එම රන් වෙනුවෙන් රුපියල් කෝටියක අත්තිකාරම් මුදල් අවශ්‍ය බව ඔවුන් ගැනුම් කරුවනට කියා ඇතැයි බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වීය.

සැකකරුවන් අතර හිටපු පොලිස් අධිකාරීවරයකු සහ කාන්තාවෝ දෙදෙනෙක්ද වෙති.

එම පිරිස රිමාන්ඩ් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.