සංචාරක වීසා ඇති ඉන්දියානුවෝ පිරිසක් රක්වානේ ලැගුම්හල් කුළියට ගෙන අතබලා සාස්තර කීමත්, යාගහෝම පැවැත්වීමත් ව්‍යාපාර මට්ටමින් කරගෙන යතියි නගර වැසියෝ කියති.
සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට එන කිසිවකුටත් මුදල් ඉපැයීමේ ව්‍යාපාරවල නිරතවීම වරදක් බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කියයි. පොලිසිය පවසනුයේ මෙවැනි දෙයක් ගැන තමන්ට පැමිණිලි ලැබී නැති බවයි.
අපල දුරු කරගැනීමේ ශාන්ති කර්මවලට අමතරව දරුඵල ලබාදීමට ද හැකි බව ඉන්දියා සාස්තරකරුවෝ කියති.

