බොරු වයසෙන් වසර 12 ක් කොරියාවේ වැඩ


වසර 11 ක් වයස වැඩි කොට සාදන ලද ව්‍යාජ ගුවන් ගමන් බලපත‍්‍රයක් භාවිතා කරමින් කොරියාවට ගිය ශ‍්‍රී ලාංකික තරුණයෙකු වසර 12 කට පසු යළි තම සැබෑ ගුවන් ගමන්  බලපත භාවිතා කරමින් මෙරටට පැමිණ සිටියදී  අද  කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

ඔහුට වයස 19 දී  එනම් 2003 වසරේදී මෙරටින් පිටව ගොස් ඇත.

මාස තුනක ව්‍යාපාරික වීසාවක් ලබාගෙන ව්‍යාපාරිකයෙකු ලෙස ගිය මෙම තරුණයා  මේ දක්වා වසර 12 ක් කොරියාවේ නීති විරෝධී ලෙස රැදී සිටිමින්  රැකියා කිහිපයක් කර ඇති බව අනාවරණය වී තිබේ.

කෙසේ නමුත් මීට ආසන්න දිනකදී එරට රජය මගින් කළ සෝදිසියකදී සැකකරු නීති විරෝධී ලෙස රැදී සිටින්නෙකු  බව හෙළි වී ඇත.

පසුව ඔහු තම සැබෑ වයස ඇතලත් කොට තවත් ගුවන්ගමන් බලපත‍්‍රයක් සාදාවාගෙන මෙරටට පැමිණ ඇත.

ඔහු සිංග්ප්පුරු ගුවන්සේවයට අයත් එස්.කිව් 468 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණ තිබිණ.

අපරාධ පරීක්ෂණ දෙපරේතමේන්තුව විසින් කරන ලද මුලික විමර්ශණ වලින් අනතුරුව සැකකරු මීගමුව අධිකරණයට ඉදිිපත් කිරීමට නියමිතව තිබිණි.