බොරු ලොතරැයියෙන් සල්ලි ගරන්න බැරිවේ


වතුකරයේ නිවාසවලට ත්‍රිරෝද රථයකින් ගොස් විදුලි උපකරණ විකුණා පසුව ඒ සඳහා ලොතරැයි දිනුමක් ඇදී ඇති බව පවසමින් රුපියල් ලක්ෂ ගණනින් වංචා කළ බව කියන කල්ලියක දෙදෙනකු ත්‍රිරෝද රථයක් ද සමඟ අත්අඩංගුවට ගත් බව මතුරට පොලිසිය කියයි.

මතුරට වතු කම්කරුවකුට යතුරු පැදියක් ලොතරැයියකින් ඇදී ඇති බව පවසමින් එමි ලියා පදිංචිය සඳහා රුපියල් 15000ක් වංචා කළැයි පැමිණිල්ලේ දැක්වේ.