බොරු ලියැවිලි හදා ජිප් රියක් කුණු කොල්ලෙට විකුණලා


වාරික වශයෙන් ගෙවීමේ පොරොන්දුව මත නුගේගොඩ වාහන පොළකින් මිලට ගත් රුපියල් ලක්ෂ 55ක ජිප් රියක් ව්‍යාජ ලේඛන  මත දෙහිඅත්තකණ්ඩියේ හිමි නමකට රුපියල් ලක්ෂ 12කට විකුණු බව කියන මාරවිල අඹුසැමි යුවළක් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත මුදා හරිනු ලැබූහ.

මාරවිල විජිත් ප්‍රනාන්දු (44), ඔහුගේ බිරිය ශ්‍රීමතී (40) එම දෙදෙනාය.

ලබන 18 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස හිමිනමට ද නියෝග කර ඇත.