බොරු රන් වළල්ලෙන් ලක්ෂ 12ක් ඇදලා


කොළඹ හා අවට පෙදෙස්හි බැංකුවලට ව්‍යාජ රන්වළලු උකස් කළ තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

කොටහේන බැංකුවකට වළලු හතරක් උකස් කිරීමට ආ කාන්තාවක ගැන සැක ඉපදවූ බැංකු නිලධාරියකුගේ සෝදිසිය නිසා තවත් ව්‍යාජ රන් වළලු දහයක් සමග කතක හා ත්‍රීරෝද රියදුරකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

මොවුන් මෙතෙක් කොටහේන, බත්තරමුල්ල වැනි පෙදෙස්වල බැංකුවලට ව්‍යාජ වළලු උකස් කර රුපියල් ලක්ෂ 12ක් පමණ ලබා ගෙන ඇතැයි පොලීසිය කියයි.