බොරු බෝම්බෙට තව මිනිහෙක් ලන්ඩන් උසාවියේ


කොළඹ සිට ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපළ බලා යමින් සිටි ශ්‍රී ලංකන් ගුවන් යානයේ බෝම්බයක් ඇතැයි පැවසූ බව කියන ඇලන් පැටී (49) ලන්ඩනයේ චෙම්ස් ෆොර්ඩ් මහේස්ත්‍රාත් විසින් රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබීය.

ඔහුට ස්ථිර වාසස්ථානයක් නැති බව අධිකරණයේ දී කියැවිණි.

මේ සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් 57 හැවිරිදි පුද්ගලයෙක් පොලිස් ඇප මත මුදා හැර සිටියි.

මේ බෝම්බ කතාව නිසා ගුවන් යානය පසුගිය 20 වැනි දා ස්ටැන්ස්ටඩ් ගුවන් තොටට ගොඩ බෑමට සිදු විය.