බොරු බෝම්බ ඔත්තුව දුන් තරුණියට ඇප


කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වන රාති‍්‍ර තැපැල් දුම්රියේ බෝම්බයක් ඇතැයි පවසා  පොලිසියට බොරු දුරකථන ඇමැතුමක් ලබාදුන් බව කියන තරුණියට තරයේ අවවාද කර ලක්ෂ දෙකක ශරිර ඇප දෙකක් මත මුදා හැරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (4) නියෝග කළාය.

කඩවත පදිංචි තරුණියක වන ඇය පෙම්වතා සමග ඇති වු අමනාපයක් මත මෙය සිදුකර ඇති බවද පොලිසිය කියයි.

නඩුව ලබන 27 වැනි දා යළි කැඳවීමට නියමිතය.