බොරු පොලිස්කාරයා කතගේ ලක්ෂයක් කොල්ල කයි


රත්මලාන ගොළුමඩම හංදියේදී තිස් හැවිරිදි කතක පොලිස් වෙසින් පැහැරගත් පුද්ගලයෙකු ඇගේ රන් මාලයද, අත් බෑගයේ තිබූ රුපියල් විසිපන්දහසක මුදල්ද පැහැරගෙන එතෙර සිටින සැමියාට ඇය ලවාම දුරකතන ඇමතුමක්  ගෙන ඇගේ බැංකු පොතෙන් රුපියල් අසූ දහසක්ද ගත් බව කියන පුද්ගලයෙකු සොයා පොලීසිය පරීක්ෂන අරඹයි.

පාරේ යමින් සිටි එම කාන්තාව බලයෙන් ත්‍රී රෝද රියක නන්වාගෙන  ඇත්තේ ඇගෙන් කට උත්තරයක් ලබාගැනීමට  යන මුවාවෙන් බව කියති.