කොළඹ කොම්පඤ්ඤ වීදියේ අගමැති නිල නිවාසයට යාබද පෞද්ගලික සමාගමක සොරකමක් සිදු වීයැයි කොම්පඤ්ඤ වීදිය පොලීසියට බොරු පැමිණිල්ලක් කළ කන්දසාමි කමලරාජ් නම් ගබඩා පාලකට මාස හයක අත්හිටවූ සිර දඩුවමක් නියම කළ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් 1500ක දඩයක් ද නියම කළේය.
රුපියල් 72864ක භාණ්ඩ හොරුන් විසින් ගෙන යන ලදැයි ඔහු බොරු පැමිණිල්ලක් කර තිබේ.
එම ස්ථානයේ පිහිටීම අනුව සොරකමක් කළ නොහැකි බව අධිකරණයේදී කියැවිණි.
ගබඩා පාලක වරද පිළිගත්තේය.