බොරු පැමිණිල්ලෙන් අමාරුවේ වැටේ


පුංචි බොරැල්ලේ දී ත්‍රීරෝද රථයකින් පිරිසක් පැහැරගෙන ගොස් තියුණු ආයධවලින් පහර දී තුවාල සිදු කළැයි පොලිසියට බොරු පැමිණිල්ලක් කළ බව කියන මැගසින් බන්ධනාගාර නියාමකයකු වන ගැමුණු සඳරුවන්ට නොවැම්බර 18 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නොතීසි නිකුත් කළේය.

පසුගිය සැප්තැම්බර් නව වැනි දා සැකකරු කර ඇත්තේ බොරු පැමිණිල්ලක් බව පරීක්ෂණවලදී හෙළි වීයැයි පොලිසිය අධිකරණයට දැන්වීය.