අධිකරණ සේවා කොමිසමේ ලේකම් ප්‍රදීප් ජයතිලක මහතාට නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා ලෙස තර්ජනය කරමින් ඇමතුම් දුන් බව කියන දුම්බර බන්ධනාගාරයේ අරෝෂ් ඉන්දික (35) නම් සිරකරුවකු ලබන 21 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ලැබුණු පැමිණිල්ලක් මත පොලිස් විශේෂ විමර්ශන ඒකකය විමර්ශන සිදු කළේය.
සැකකරු මුදල් වංචා කිහිපයකට සිර දඬුවම් විඳින බව පොලිසිය කියයි.