බොරු චෝදනාවට ගොකරැල්ල පොලිසිය නීතීඥයාගෙන් සමාව ගනී


තම වත්තේ මුරකරුට පහර දී ඔහුගේ බිරියට බලහත්කාරකමක් කළැයි බොරු චෝදනා මත නීතීඥ ධම්මික ගමාරච්චි අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ගොකරැල්ල පොලිසියේ ස්ථානාධිපති ආනන්ද අබේරත්න, විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති නිශාන්ත සොයිසා සහ කොස්තාපල් බණ්ඩාර  එම නීතීඥවරයාගෙන් සමාව ගත්හ.

අසත්‍ය චෝදනා කර අත්අඩංගුවට ගෙන රිමානඩ් කළැයි එම නීතිඥවරයා පොලිසියෙන් කෝටි 50ක් ඉල්ලා කෑගල්ල දිසා අධිකරණයේ ගොනු කළ නඩුවක දී පොලිස් නිලධාරීහු එලෙස සමාව ගත්හ.

පොලිසිය සමාව ගත් නිසා නඩුව ඉදිරියට ගෙන නොයන බව නීතීඥ ගමාරච්චි මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සුදර්ශනා එස් රාජපක්ෂ මහතාමිය දැනුම් දුන්නාය.