බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ බලශක්ති සහ දේශගුණය භාරව සිටි ඇමති ක්‍රිස් හියුන් පොලිසියට බොරුවක් කීමේ වරදට පසුගියදා මාස අටක හිර දඬුවමක් ලැබීය.
එම බොරුව කීමට ආධාර අනුබල දුන්ඔහුගේ හිටපු භාර්යාවවූ විකී ප්‍රයිස්ටද සිරදඩුවම් නියම විය.
ඔහු ඇමති තනතුරෙන් සහ මන්ත්‍රී ධුරයෙන්ද ඉල්ලා අස්විය.
තනතුර අහිමිවීමට ප්‍රථම ක්‍රිස් හියුන් වත්මන් කොන්සර්වේටිව් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීසභාග රජයේ ප්‍රබල ඇමතිවරයෙක් විය. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබඳව උපාධියක් ලබාසිටින හියුන් දේශපාලනයට පිවිසියේ 1999 දීය.
2010දී ඔහුට කැබිනට් ඇමතිධුරයක් පිරිනැමිණි. වර්තමාන රජයේ වැදගත් මෙන්ම ක්‍රියාශීලී ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ ඔහුට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක කමද ලබාගැනීමට ඉඩ කඩ තිබුණි.
ඔහුගේ බිරිඳ බ්‍රිතාන්‍යයේ ප්‍රධානපෙලේ ආර්ථික විද්‍යාඥයෙකි.
ඔහුට විරුද්ධව පැවරුනු නඩුවෙන් චෝදනා කර තිබුනේ ඔහු පොලිසියට බොරුප්‍රකාශයක් කර ඇති බවයි.
එම චෝදනාවට පසුබිම්වූ සිද්ධිය මෙසේය.
2003 දී ක්‍රිස් හියුන් සිය බිරිඳ සමග ඔවුන්ගේ මෝටර් රථයෙන් ගමන් කරමින් සිටි අවස්ථාවක රථවාහන පොලිසියෙන්වාහනය නවතා ප්‍රශ්න කර ඇත.
ප්‍රශ්නකිරීමට හේතුව වශයෙන් පොලිසිය කියා ඇත්තේ එම මාර්ගයේ නියමිත වේගයට වඩා මදක් වැඩි වේගයකින් ඒ වෙලාවේ මෝටර් රථය පදවා ඇති බවයි.
වාහන නීති රීති වලට අනුව එය වරදක් බවත් ඒ සඳහා දඩකොලයක් නිකුත්කළ යුතු බවත් පොලිසිය කියා ඇත.
ඒ වෙලාවේ මෝටර් රථය එළවුයේ ක්‍රිස් හියුන් වුවත් පොලිසියට බොරුවක් කියා වරද තම බිරිඳ පිට පැටවීමට ඔහු ක්‍රියා කළේය.
දඩය ගෙවීමටත් වේගයෙන් තම රථය පැදවීමේ වරදට වාහන පැදවීමේ බලපත්‍රයේ වරදක් සිදුකිරීමේ සටහනක් තබාගැනීමටත් ඔහුගේ බිරිඳට සිදුවිය.
ප්‍රශ්නය නැවත කරලියට පිවිසියේ වසර හතකට පසුව 2010දී ක්‍රිස් හියුන් තම පක්ෂයේ කෙනෙකු සමඟ අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙනයන බව මාධ්‍යය ඔස්සේ එළිදැක්වුනාට පසුවය.
ලැව් ගින්නක්සේ ඇවිළීගිය මේ ලව් ගින්න පිලිබඳ උණුසුම් ප්‍රවෘත්තිය අවසන්වුයේ ඇමති වරයා වසර 26ක් දීග කෑ සිය බිරිඳගෙන් දික්කසාදවීමත් සමඟය.
දික්කසාදයෙන් පසු ඔහුගේ බිරිඳ ඇමතිවරයා 2003 දී පොලිසියට බොරුකී කතාව පුවත්පත් ඔස්සේ ප්‍රසිද්ධ කළාය.
ක්ෂණයකින් ඇමතිවරයාට විරුද්ධව නඩුවක් පැවරිණ.
තමාකල වරද ක්‍රිස් හියුන් පිළිගත්තේය. ඇමතිවරයාට පොලිසියට බොරුකියා නීතියහරිහැටි ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ වරදට ද ඔහුගේ හිටපු බිරිඳට එම වරදකිරීමට අනුබලදීමේ වරදටද මාස අටබැගින් සිර දඬුවම් නියමවිය.
නඩු තීන්දුව ප්‍රකාශයට පත්කළ සැනෙකින්ම ඇමතිවරයා සිය ඇමති තනතුරෙන් සහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.
දුරදිග නොබලා ගත් මෝඩ තකතීරු තීරණයක් හේතුවෙන් තමන්ගේ මුළු ජීවිතයම කාලකන්නි වූබව ක්‍රිස් හියුන් අවසානයේදී පැවසීය.
නීතිය හරිහැටි ක්‍රියාත්මක කිරීම වැලැක්වීමේ වරදවල් සඳහා මීට පෙර ජෙෆ්රි ආචර් සහ ජොනතන් ඇට්කින් යන ඇමතිවරුන්ද හිරබත් කා ඇත.
අධිවේගී මාර්ගයේ තරම උරගා බලන්න නියමිත වේගයට වඩා දෙගුණයක වේගයකින් තම රථය ධාවනය කල බවට ප්‍රසිද්ධියේ පුරසාරම් දොඩන
දේශපාලඥයින් ඉන්නා අපගේ රටට මෙම ක්‍රියාදාමය හොඳ පුර්වාදර්ශයක් විය යුතුබව මෙම ප්‍රවෘත්තිය දුටු සමහරු කියා ඇත.