බොරු ඇමතුමෙන් මළවුන්ටත් ඉන්න නෑ


පිළියන්දල මාකන්දන 87 හැවිරිදි මවක ස්වභාවික හේතු මත ගෙදර දී මරණයට පත්වීමෙන් පසු සිරුර බෙහෙත් ගැල්වීම සඳහා මල් ශාලාවකට බාර දී තිබිණි.

පොලිසියේ හදිසි ඇමතුම් අංශයට ලැබුණු පැමිණිල්ලකින් කියවු‍ණේ මෙම මාතාවට පහරදීමෙන් මරණය සිදුවී ඇති බවයි. ඒ අනුව හෝමාගම හදිසි මරණ පරීක්ෂකගේ තීරණය අනුව සිරුර කපා පරීක්ෂා කිරීම සඳහා කළුබෝවිල රෝහලට ගෙන යෑමට සිදු විය.

කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධරයාගේ තීරණය වූයේ ඇය හෘදයාබාධයකින් මිය ගිය බවයි.

යළිත් සිරුර පෙර මල් ශාලාවට බාර දී බෙහෙත් ගැල්වීමෙන් පසුව ගෙදර ගෙන ගොස් අවසන් කටයුතු සිදු කැරිණි.