බොරැල්ලේ වෙඩි තැබීමක්:අයෙක් මරුට


(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු අද උදේ බොරැල්ල ලෙස්ලි රනගල මාවතේ දී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු පනස් එකක් වන කැලණියේ පදිංචිකරුවෙකි.

මෙම පුද්ගලයා  පිරිසුදු කිරීමේ සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා පැමිණ සිටියදී මෙම වෙඩි තැබීම සිදු වී ඇත.

යතුරු පැදියෙන් පැමිණි වෙඩික්කරුවන් ටී-56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.