බොරැල්ලේ වාහන පහක් එකට ගැටේ


බොරැල්ලේදී මින් මද වේලාවකට පෙර වාහන පහක් එකට ගැටී යතුරුපැදියක ගමන් ගත් දෙදෙනෙක් තුවාල ලදහ.

සෙසු වාහනවලට දැඩි හානි සිදුවිය.

මේ අතර නුවරඑළියේ වික්ටෝරියා උද්‍යානය අසළ නවතා තිබූ බසයකට හා වෑන් රියකට සයිප්‍රස් ගස් කඩා වැටී අලාභ හානි සිදු විය.

එම වාහනවලට පාසල් සිසුන් ගොඩවීමට මද වේලාවකට මේ ගස් කඩා වැටී ඇත.