බොරැල්ල නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් බ්‍රහස්පතින්දා (31) සිට ක්‍රියාත්මක කෙරෙන බව පොලිසිය පවසයි.
පෙරවරු 7.30 ත් 8.45 ත් අතර කාලය තුළ එම නව මාර්ග සැලැස්ම ක්‍රියාත්මක කෙරෙන බවත් එම වේලාව තුළදී ශ්‍රී ජයවර්ධනපුර සිට බොරැල්ලට ධාවනය කෙරෙන බස් රථ හැර
අනෙකුත් වාහන ඩී.එස් හංදියෙන් බොරැල්ල දෙසට හැරවීමටත් අනෙක් සියලු වාහන සඳහා බොරැල්ලට පිවිසීමට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් පොලිසිය දැනුම්දී ඇත.
මෝටර් රථවලට ආයුර්වේද හංදියෙන් හැරී කොටා පාරෙන් බොරැල්ලට පැමිණෙන ලෙසද දැනුම් දී ඇත.
මේ අතර ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ දිගටම ධාවනය කෙරෙන මෝටර් රථ සහ කිංසි පාරට ඇතුළුවන මෝටර් රථවලට වෝඩ් පෙදෙස හා මරදාන පාරෙන් බොරැල්ලට ඇතුළුවන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ඉල්ලා සිටියි.

