(ඉන්දිකා රාමනායක)
යතුරු පැදියකින් පැමිණ බොරැල්ල ලෙස්ලි රණගල මාවතේදී. ටී 56 ගිනි අවියකින් වෙඩිතබා ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි.
ඔවුන් තිදෙනාම සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයින් බව පොලිසිය කියයි.
ඉකුත් මැයි මස 20 දින මොවුන් ඝාතනය කරනු ලැබුවේ කැලණිය ගල්බොරැල්ල පදිංචි ඩබ්ලිව් අයි සංජීව නොමැති අය බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ම වත්තල හේකිත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

