(ගයාන් සූරියආරච්චි)
බොරැල්ල ප්‍රදේශයේදී අපරික්ෂාකාරීව පැමිණි දොඹකරයක් මාර්ග සංඥාවලට නවතා තිබූ යතුරුපැදි 6 ක් සහ මෝටර් රථ 3 ක් අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් දොඹකරයේ හිමිකරු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය පවසිය.
එම අනතුරින් අතුරුගිරිය ප්‍රදේශයේ පුද්ගලයකු මියගොස් තිබු අතර කාන්තාවන් දෙදෙනකු ඇතුළු 7 දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.