මහජන එක්සත් පෙරමුණේ නායක අමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත පිලිප් ගුණවර්ධනයන්ගේ 41 වැනි ගුණානුස්මරණය නිමිත්තෙන් කොළඹ වරායේ ප්‍රධාන පිවිසුම ඉදිරිපිට පිලිප් පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමක් අද පැවැත්විණ.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මවුලානා මහතාගේ ප්‍රධාණත්වයෙන් මෙය පැවැති අතර ගීතාංජන ගුණවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා සිය පියාණන්ගේ පිළිරුවට මුලින්ම මල් තබා ගෞරව කළහ.