
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවතේදී තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුවන් පැමිණි ත්‍රිරෝද රථය පිළියන්දල බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය අසල දමා ගොස් තිබියදී සොයාගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි.
එම තීරෝද රථය තුළ තිබීම කළු පාටට හුරු ආරක්ෂක හිස් වැසුම් දෙකක් සහ කළු පාටට හුරු ජැකට්ටුවක් තිබී පොලිස් භාරයට ගෙන ඇත.
සිදුවූ එම වෙඩි තැබීමෙන් ගල්කිස්ස පන්සල පාරේ පදිංචි 25 හැවිරිදි තරුණයකු මරුමුවට පත් වී තවත් පුද්ගලයකු තුවාල ලැබීය. ත්‍රී රෝද රථය කිසියම් ප්‍රදේශයකින් සොරාගත් එකක් බවට සැක කරන බව පොලිසියය කියය

