බොරලැස්ගමුව පොලිසිය උණුසුම්


බොරලැස්ගමුවේ වැඩ බිමක වැඩ කිරීමට සිවිල් ආරක්ෂක බලකායේ පිරිසක් අකමැතිබව කීමට එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා බොරලැස්ගමුව පොලිසියට ගිය අවස්ථාවේ ඇතිවූ ගැටුමක් උත්සන්නවීමෙන් කැරළි මර්ධන ඒකකය ද බොරලැස්ගමුව පොලිසියට කැඳවා ඇත. සිද්ධිය සමථයකට පත්කැර ගැනීමට හැකිදැයි සොයා බැලීමට පොලිසිය ඇතුළේ සාකච්ඡාවක් ද පැවැත්වෙයි.

පළාත් මන්ත්‍රී පාදුක්ක මහතා පවසන්නේ පොලීසියේ කෙනෙකු තමා හා අධාරකරුවන් තල්ලුකැර දැමූ බවයි. ඇදවැටුණු කිහිප දෙනකු තුවාල ලැබූ බව ද ඔහු කියයි.

පොලිසිය පවසනුයේ පළාත් සභා මන්ත්‍රී පොලිස් කොස්තාපල්වරයකුට මුලින් පහර දී පොලිස් නිලධරයකුගේ කොලරයකින් ද ඇල්ලූ බවයි.

ඒ කතා සම්පූර්ණයන් ම වැරදි බව පළාත් මන්ත්‍රීගේ නීතීඥයෝ පොලිසියට කරුණු දක්වති.

(ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ)

DSC01219 DSC01230 - Copy - Copy DSC01246