බොරදියේ මාළු බාලා : ලක්ෂ 15ක රන් රිදී පන්නලා


බෙන්තොට සංචාරක පුරයේ මැණික් හා ස්වර්ණාභරණ සාප්පු දෙකකින් සොරා ගත් බව කියන රුපියල් ලක්ෂ 15ක පමණ මැණික් හා රන් සමග සිව් දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

පසුගිය 15 වැනි දා අලුත්ගම කලබලත් සමඟ සොරා ගත් මෙම භාණ්ඩ කළුතර කුරුවිට හා රත්නපුර කිහිප දෙනකුට විකුණා තිබිය දී සොයාගෙන ඇත.