ජාතික බල සේනාවේ වටරැක විජිත හිමියන්ගේ නඩුවකට පෙනී සීටීම සම්බන්ධයෙන් නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතාට බැණ වැදුනේයැයි කියන බොදුබල සේනාවේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියනට එරෙහිව කොම්පඤ්ඤවීදිය පොලිසිය අද පැමිණිල්ලක් ගොනු කළේය.
නොවැම්බර පළමු වැනි දා ඒ හිමියනට එරෙහිව චෝදනා ගොනු කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා පොලිසියට නියෝග කළේය.
ඥානසාර හිමි පෙර ඇප මත මුදා හැරිණි.

