බොදුබලේ පිරිසක් අල්ලස් කොමිසමට යනවාලු


ජාතියට කළ හානිය සම්බන්ධයෙන් බොදුබල සේනාවේ ඥානසාර හිමි දණ ගසා ජාතියෙන් සමාව ගත යුතු යැයි ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සංවිධායක අසේල සම්පත් මහතා අද (15) මරදානේ පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.

තමා බොදු බල සේනාවට සම්බන්ධ වී ක්‍රියාකාරීව කටයුතු කළ බවත්, ජනපතිවරණයේ දී බොදුබල සේනාව මහින්ද රාජපක්ෂ මහතාට සහාය දීමට ගත් තීරණයත් සමඟ ඉන් ඉවත් වූ බවත් ඔහු පැවසීය.

ජනාධිපතිවරණයට බොදු බල සේනාවෙන් අපේක්ෂකයකු සම්බන්ධ ඉදිරිපත් කරතියි බලා සිටි බවත්, ඒ වෙනුවෙන් පක්ෂයක් කැමති කර දුන් බවත්, බොදුබල සේනාව ඉදිරිපත් නොවූ තැන වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කළ බවත්, එම අපේක්ෂකයා ආණ්ඩුවට නම්මා ගැනීමට හිටපු ඇමැතිවරයකු සමග සකච්ඡා කළ බව ඔප්පු කළ හැකි හඬපටයක් අල්ලස් කොමිසමට ඉදිරිපත් කරන බවත් ඔහු කීවේය.

‘සුගතදාස ක්‍රීඩා පිටියේ පැවැති බොදුබල සේනා සමුළුවේ වේදිකාව නිර්මාණයට ලක්ෂ 25ක් වැය කළා.  ඒ මුදලින් දුප්පත් දරුවන්ට ඇඳුම් හෝ සුදු රෙදි ලබා දෙන්න තිබුණා.

බොදුබල සේනාව හිටපු ආරක්ෂක ලේකම්ගේ උවමනාවට වැඩ කරන්න පටන් ගත්තා.  බොදුබලයේ එක් ස්වාමීන්වහනසේ කෙනකුගේ වාහනයක රියදුරු ලෙස කටයුතු කළේ හමුදා නිලධාරියෙක්. බුද්ධි නිලධාරියෙකුත් ඔවුන් සමග ළඟින් කටයුතු කළා.

බොදුබල සේනාව අපේ වටිනා කියන බුද්ධ පුත්‍රයන් දේශපාලනයට නතු කළා. අපේ කොල්ලන්ගේ සල්ලිවලින් සමුළු තිබ්බා. ‘