බොදුබල හිමිවරුන් හඳුනාගෙන නෑ


මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී වටරැක විජිත හිමියන් සොයා රිෂාඩ් බදුර්දීන් ඇමැතිවරයාගේ කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශ කාර්යාලයට බලෙන් ඇතුළු වූ බව කියන බොදු බල සේනා හිමිවරුන් කවුදැයි මෙතෙක් සොයා නොගත් බව කොල්ලුපිටිය පොලිසිය කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට අද දැන්වීය.

අමාත්‍යංශයේ වීඩියෝපට හා රූපවාහිනී වීඩියෝ තවමත් පිරික්සන බව කී පොලිසිය තවත් දිනයක් අයද සිටියේය.

විභාගය ඔක්තෝබර 30 වැනි දාට කල් තැබිණි.