ආසියා කලාපය අන්තවාදයෙන් තොර සාමකාමි කලාපයක් බවට පත් කැර ගැනීමේ අරමුණින් බොදු බළ සේනා සංවිධානය මියන්මාරයේ 969 බෞද්ධ සංවිධාන යේ නායක අශින් විරාතු හිමියන් සමඟ අද (30) ගිවිසුමකට අත්සන් තැබීය.
මෙම ගිවිසුමට අනුව මියන්මාරයේ 969 සංවිධානය හා එක්ව කටයුතු කරන අතරම අන්තවාදයෙන් තොර සමාජයක් බිහිකැර ගැනීමේ උත්සාහය සාර්ථක කැර ගැනීම සඳහා ඉදිරියේදී ලොව සියලු බෞද්ධ සංවිධාන මෙන්ම අන්තවාදී ආකල්ප වලින් තොර හින්දු මුස්ලිම් සංවිදාන ද ඒක රාශි කැර ගනිමින් කටයුතු කරන බව බොදු බල සේනා සංවිධානයේ ප්‍රධානී කිරම විමලජෝති හිමියෝ පැවසුහ.
අන්තවාදයට එරෙහි මෙම ගිවිසුම සඳහා අත්සන් තැබීම සිදු වුයේ කිරුළපන පිහිටි බොදු බළ සේනා මෙහෙයුම් මධ්‍යස්ථානයේදීය.
969 සංවිධානයේ ප්‍රධානි අශින් විරාතු සහ ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ එම ගිවිසුමට අත්සන් කළහ.





