බොදු බළ සේනාව මෙත් සෙවණින් එළියට


ගාල්ලේ වංචාවල පිහිටි මෙත්සෙවණ මධ්‍යස්ථානයෙන් වහාම ඉවත්වන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ගුණේන්ද්‍ර මුණසිංහ මහතා ගලබොඩ අත්තේ ඥානසාර හිමි ඇතුළු බොදු බළ සේනාවට අද (29) නියෝග කළේය.

බටගොඩ ගමගේ අසංක අමරසිරි මහතා විසින් ගොනු කැරුණු පෙත්සමක්  විභාග කළ විනිසුරු එම තීන්දුව දුන්නේය. බොදු බලසේනාවේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමි, ඇඹිලිපිටියේ විජිත හිමි, විතාරන්දෙණියේ නන්ද හිමි සහ ලිට්ල් ස්මයිල් ඇසෝසියේෂන් නමැති රාජ්‍ය නොවන සංවිධානය වග උත්තර කරුවන් කරමින් පෙත්සම පවරා තිබිණි.