රටේ බහුතරයගේ කැමැත්ත පරිදි විපක්ෂයේ පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කර ඇති අතර අභිනව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක්කරන බව බොදු බල සේනා සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එහි ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතා කියයි.
‘‘සිංහල බෞද්ධයාගේ පැවැත්ම, ආරක්ෂාව හා අභිවෘද්ධිය වෙනුවෙන් පැහැදිලි දර්ශනයක් හා වැඩපිළිවෙළක් යටතේ අප විසින් කටයුතු කරන ලදී. බුද්ධ ශාසනයට එන අභියෝග හඳුනාගනිමින් එම අභියෝග නිර්දය ලෙස විවේචනය කරමින් සමහර විට රටේ ඉහළම පාර්ශයන් පවා හේතු සහිතව විවේචනයට ලක් කරමින් කටයුතු කරන ලදී. අප කිසි විටෙකත් වෛරය හා ප්‍රචණ්ඩත්වය ආයුධයක් ලෙස භාවිත නොකළද අප විසින් කරන ලද ඍජු ප්‍රකාශ හා වෙනත් කල්ලි කණ්ඩායම් විසින් කරන ලද ක්‍රියාකාරකම් නිසා බෞද්ධ විරෝධී පිරිස් හා මාධ්‍ය පමණක් නොව සමහර විට අපගේ හිතවතුන් පවා අප පිළිබඳ සාවද්‍ය නිගමන වලට එළැඹි අවස්ථා දැකීමට හැකි විය.
2015 ජනාධිපතිවරණයේදී ස්වාධීන ලෙස කටයුතු කිරීම අපගේ අපේක්ෂාව වුවද විපක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයයේ රටේ ආගමික නොසසුන්කම් පිළිබඳ ව වැරදි අදහස් හා මත පළ කිරීමත්, අප සංවිධානයට එරෙහි පුද්ගලයන් විපක්ෂයේ කඳවුරු බැඳීමත් හා විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය යටතේ සිංහල බෞද්ධ බහුතරයකගේ වැඩි කැමැත්තෙන් පාලකයකු තෝරා ගැනීමේ අවස්ථාව උදා කර ගැනීමත් පිණිස අප විසින් එවකට රජයේ අපේක්ෂකයාට සහය දීමට තීරණය කරන ලදී. මෙහිදී පසුගිය රජය හෝ එම අපේක්ෂකයා පිළිබඳ අපේ කැමැත්ත හෝ විපක්ෂයේ අපේක්ෂයා පිළිබඳ අපගේ අකැමැත්ත මෙම තීරණය පිණිස පදනම් නොවුනද අප විසින් පිළිගෙන ඇති ප්‍රතිපත්ති මත පමණක් පිහිටා අප දායකයින්ට හා නිලධාරීන්ට කැමති තීරණයක් ගැනීමට අවස්ථාව ලබා දී ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ අපගේ සහයෝගය රජයේ අපේක්ෂකයාට පල කරන ලදී.
දැන් මැතිවරණය අවසන් වී ඇත. සාධාරණ මැතිවරණයක් පැවැත්වීම, පශ්චාත් මැතිවරණය සාමකාමී වීම් පිලිබඳ හිටපු හා නව ජනාධිපතිවරුන් මෙන්ම අදාළ බලධාරීන් වෙත අපගේ ගෞරවය හිමි කළ යුතුය.
මෙම මැතිවරණයේ තීරණාත්මක සාධකය ලෙස උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ජන්දය අපි දකිමු. ඔවුන් නව ජනාධිපතිවරයාට කැමැත්ත ප්‍රකාශ කිරීම ඔහුට කැමැත්ත ප්‍රකාශ කිරීමට වඩා යුද ජයග්‍රහණ සමයේ දේශපාලන නායකයා වූ හිටපු ජනාධිපතිවරයා පැරදවීමට දුන් අකමැත්තක් ලෙස පැහැදිලි කිරීමට උත්සහා කළ හැකි වුවද රටක් හැටියට අප ඒ දෙස මැදහත්ව සලකා බැලිය යුතුය.
දෙමළ, මුස්ලිම් බහුතරයගේ කැමැත්ත දිනාගත් මෙම රජයට අද බිහි වී ඇත්තේ සිංහල බෞද්ධ බහුතරයගේ විශ්වාසය දිනා ගැනීම සඳහා වූ ස්වර්ණමය අවස්ථාවකි. පසුගිය රජයේ ප්‍රධානීන් විසින් නිර්මාණය කරන ලද හා ජාතීවාදී යන චෝදනා එල්ල වී ඇති අප සංවිධානයටද අපගේ නිවැරදි බව ලොවට හෙළි කරන්නට මෙම ලැබුණු අවස්ථාව ස්වර්ණමය මොහොතකි.
බුදු දහමින් පන්නරය ලැබූ අප සංවිධානය හා එහි මෙහෙයුම්කරුවන් මැදුම් පිළිවෙතින් කටයුතු කරමින් අපගේ දායකයින් අපේක්ෂා කළ උතුම් අරමුණු වෙනුවෙන් ඉදිරියටත් පෙනී සිටින බවටත්, "සිංහලේ" බෞද්ධ රාජ්‍යය දිනා ගැනීමේ සටන ජය ගන්නා බවත් අපි පැහැදිලිව ප්‍රකාශ කර සිටින්නෙමු. ‘‘

