බොදු බලේ මහා සමුළුව මුළු දෙයි


බොදු බල සේනා සංවිධානයේ ‘‘දැය නඟන මඟ” මහ සඟ සමුළුව අද සවස සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.

දුටුගැමුණු රජුගේ සිට ඉංග්‍රීසි ආක්‍රමණ දක්වා රට බේරාගත් විරුවන් සහ වර්තමානයේ කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට මුදාගත් රණවිරුවන් සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් රැකීමද මෙහිදී සිදුවිය.

මියන්මාරයේ සිට පැමිණි අශින් විරතු හිමිගේ ප්‍රධාන ආරාධිතයා ලෙස උත්සවය ඇමතූහ. අන්තවාදීන්ගේ තර්ජන මැද තමන්ට ශ්‍රී ලංකාවට වැඩම කිරීමට අවස්ථාව සලසා දුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ස්තූතිවන්ත වන බවත් බොදු බල සේනා සංවිධානයේ සමුළුවට තමන්වහන්සේට සහභාගීවීමට ලැබීම ගෞරවයක් බවත් කියා සිටියහ.

බොදු බල සේනා සංවිධානයේ කලා ශිල්පීන්ගේ කලා අංගද මෙම එක්කොට තිබූණි. විරතු හිමියන් ඇතුළු දෙස් විදෙස් ගිහි පැවිදි විශාල පිරිසක් මීට එක්ව සිටියහ. හින්දු බැතිමතුන්ගේ නියෝජනයද මෙම අවස්ථාවට එක්ව තිබීම විශේෂත්වයක් විය.

_DSC0022 - Copy _DSC0030 _DSC0046 _DSC0056 _DSC0059 _DSC0312 _DSC0357 _DSC0392 _DSC0461 600

ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි

247786_780591958653926_3433983890920267746_n 10403673_645871192199261_6996156832866893066_n 10624856_387056074775463_1050289490981898380_n 10641288_837695399605360_6278788645982061490_n