බොදු බලේ මානව හිමිකම් යයි


ආගම් අතර අසමගිය ඇතිවන දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධනයට විරුද්ධව මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට බොදු බල සේනා මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු පිරිසක් අද (16) පෙරවරුවේ මානව හිමිකම් කොමිසමට ගියහ.

‘දණ්ඩ නීති සංග‍්‍රහයේ 291ඇ. වගන්තිය ලෙස බලාත්මක කිරීමයි මේ සංශෝධනයෙන් සිදු වන්නේ. භාෂිත, ලිඛිත හෝ කියවීමට අදහස් කරනු ලැබූ වචනයෙන්, හෝ සංඥාවලින්, හෝ දැකිය හැකි නිරූපණවලින්, හෝ අන්‍යාකාරයෙන්, ජන කොටස් අතර හෝ වෙනස් පන්තිවල තැනැත්තන් අතර හෝ වෙනස් වාර්ගික හෝ ආගමික කණ්ඩායම් අතර, දරුණු කි‍්‍රයා හෝ ආගමික, වාර්ගික හෝ ජාතික අසමගිය හෝ, අසන්තෝෂය හෝ, සතුරු බව ඇති කරන හෝ තැත් කරන, නැතහොත් ඊට පොළඹවන හෝ තැත් කරන යමකුට, අවුරුදු දෙකක් දක්වා කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් දඩුවම් කරනු ලැබිය යුතුය’  යනුවෙන් ඉදිරිපත් කර ඇති සංශෝධනය මගින් ජාතික සහ ආගමික අසමගියක් නිර්මාණය වන බව බොදු බල සේනා සංවිධානයේ අදහසයි.

bodubala_20151216 bodubala_20151216-2