එක්සත් ජාතික පක්ෂ නායක්ත්ව මණ්ඩයේ මංගල රැස්වීම පැවැත්වෙද්දී බොදු බල සේනාවේ පිරිසක් හා සිරිකොත එජාප මුලස්ථානයේෙසිටි පිරිසක් අතර ගැටුමක් ඇති විය.
බොදු බල සේනාවේ ලේකම් ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු පිරිසක් සිරිකොතට ඇතුළු වීමෙන් පසු මෙම ගැටුම ඇති වු බව එහි රැස්ව සිටියෝ කියති.
සියයකට අධික වු පොලිස් බලඇණියක් සිරිකොත අවට යොදවා සිටි අතර ඔවුහු ගැටුමක් ඇතිවන්නට නොදී තත්ත්වය පාලනය කළේය.

