ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට බොදු බල සේනාව හිරිහැර කළැයි මෛත්‍රිපාල සිරිසේන ජනපති ලන්ඩනයේදී කළැයි කියන ප්‍රකාශය පිළිබඳව විරෝධය දක්වමින් ජනපතිවරයාට එම සංවිධානය ලිපියක් යවා ඇතැයි එහි ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතා අද (24) පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
බොදු බල සේනා මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් එහිදී කියා සිටියේ බොදු බල සේනා සංවිධානය මුස්ලිම් ප්‍රජාවට ගල් කැටයකින් හෝ හිංසාවක් කර ඇතැයි ඔප්පු කළහොත් තම සංවිධානය එම මොහොතේම විසුරුවා හරින අතර තමන් චීවරය ගලවා සිරිසේන මහතාගේ බැල මෙහෙවරට පැමිණෙන බවත්ය. එසේම තමා අභියෝගය ජයගත හොත් සිරිසේන මහතා තම පන්සලේ ඇබිත්ත තනතුරට පැමිණිය යුතු යැයිද ඥානසාර හිමියෝ කීහ.
රටවැසියකු ලෙස ඕනෑම අදහසක් හෝ ප්‍රකාශයක් කිරීමට ජනපතිවරයාට ඇති අයිතියට ගරු කරන නමුත් රටේ ප්‍රධානියා ලෙස බොදු බල සේනා සංවිධානනය සුළු ජන වර්ගවලට හිරිහැර කරන බව හා තම සංවිධානය ප්‍රතික්ෂේප කිරීමට විරෝධය පළ කර බව බොදු බල සේනා සංවිධානය ජනපතිවරයාට යැවූ ලිපියේ සඳහන්ය. බොදු බල සේනාව පසුගිය කාලයේ සිදුකළ සියලු ප්‍රකාශ නිවැරදි කරුණු මත පදනම්ව සිදුකළ බවත් රටතුළ ඇතිවූ විවිධ ප්‍රචණ්ඩකාරී තත්ත් මහා පරිමාණකොට දක්වා ඒ සියලු වගකීම් බොදු බල සේනා සංවිධානයට ආරෝපණය කිරීමට යම් කුමන්ත්‍රණ සිදුවූ අතර ඒවා නිවැරදි කිරීමට පසුගිය රජය කටයුතු නොකළ බවද එහි සඳහන්වේ.

