බොදු බල හිමිට නඩු


කොළඹ කොම්පඤ්ඤවීදියේ නිපොන් හෝටලයට කඩා වැදී මාධ්‍ය සාකච්ඡාවකට බධා කිරීම සහ කොම්පඤ්ඤවීදිය පොලීසිය ඉදිරිපිටදි කුරාණයට අපහාස කළැයි යන චෝදනා යටතේ බොදු බළ සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඤාණිස්සර හිමි ඇතුළු භික්ෂුන් වහන්සේලා පස් නමට එරෙහි  කඩිනමින් චෝදනා ගොනු කරන්නැයි කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (27) නියෝග කළේය.

ජුනි 15 වැනිදාට නඩුව කල් තැබිණි.