කොම්පඤ්ඤවීදියේ නිපොන් හෝටලයේ පැවැති ජාතික බළ සේනාවේ මාධ්‍ය හමුවට බලෙන් ඇතුළු වී වටරැක විජිත හිමියනට තර්ජනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ජූලි හත් වැනි දා බොදු බල සේනාවට එරෙහිව චෝදනා ගොනු කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද පොලිසියට නියෝග කළේය.
බොදු බළ සේනාවේ ගලගොඩඅත්තේ ඥානසාර හිමි පෙර දිනක උසාවිය අසළ දී ‘බල්ලා‘ යැයි කියමින් තමාට අපහාස කළ බව වටරැක විජිත හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා මහේස්ත්‍රාත්වරයාට පැමිණිලි කළේය.
ඒ ගැන පොලිසියට පැමිණිලි කරන ලෙස මහේස්ත්‍රාත් ඔහුට දැන්වීය.

