බොඩිබිල්ඩර්ට අසු තුනයි


ලෝකයේ වයස්ගතම  තරගකාරී කායවර්ධන ශූරයා  ලෙස  83 හැවිරිදි  රේ ටුන් මෙල්බර්න් නුවර පැවති  වයස්ගතම  කායවර්ධන ජාත්‍යන්තර  ශූරයා  තේරීමේ  තරගයේදී  සම්මාන සහතික ලබා ගත්තේය.

 ඔහු සමග  ඉදිරිපත් වු  අනෙක් තරගකරුවන් ඔහුගේ වයස  මෙන්  බාගයකටත්  අඩුය.

 ලෝක ශරීර  සුවතා සම්මේලනය  මෙම තරගය සංවිධානය කළේය.

 ඔහු මුත්‍රාශයේ  පිළිකා රෝගයකින්  පෙලෙමින් සිට කළක් ප්‍රතිකාර  ලබා ගැනීමෙන් පසු  මෙම තරගයට ඉදිරිපත් වි  ඔහුගේ  දක්ෂතා පෙන්වීම විශේෂත්වයකි. ඔහුගේ තරගකාරී අංකය වුයේ 12 ය.