බේස්බෝල් අවසන් තරගයට රාජකීය කණ්ඩායම් දෙකක් එති


ශී‍්‍ර ලංකා බේස්බෝල් සංගමය විසින් සංවිධානය කරනු ලබන පිළිමළුන් පිටුදැකීමේ බේස්බෝල් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ආදි රාජකීය සහ රණබිම රාජකීය කණ්ඩායම් සමත්වූහ.

පළමු අවසන් පූර්ව තරගයේදී මෙරුන්ස් කී‍්‍රඩා සමාජය ලකුණු 10/1 ක් ලෙස පරාජය කරමින් ආදි රාජකීටය පිල අවසන් තරගයට සුදුසුකම් ලබාගත් අතර එම තරගයේදී දෙපිලට ඉනිම 7 ක් බැගින් කී‍්‍රඩා කිරීමට සිදුවිය.

රණබිම රාජකීය පිල අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පුර්ව තරගයේදී ශ්‍රී ලංකා යුද හමුදා පිල ලකණු 10/6 කින් පරාජය කරමිනි. එම තරගයේදීද කණ්ඩායම් දෙකට ඉනිම 7 බැගින් කී‍්‍රඩා කිරීමට සිදුවිය.

තරගාවලියේ අවසන් මහ තරගය හෙට (16 වැනිදා) පස්වරු 2.30 ට කොළඹ විශ්ව විද්‍යාල කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

මෙරුන්ස් පිල සහ ශ්‍රී ලංකා යුද හමුදා පිල අතර තෙවැනි ස්ථානය තෝරාගැනීම සඳහා වන තරගයද හෙට පැවැත්වෙන අතර එම තරගය පෙරවරු 10.00 ට ආරම්භ වීමට නියමිතය.

කී‍්‍රඩා සමාජ 25 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා අනුග‍්‍රහය ශී‍්‍ර ලංකා ටෙලිකොම් ආයතනය වෙතිනි.