බිමල් ශ්‍යාමන් ජයසිංහ
බේරුවල පන්නිල අක්කර අසුව ප්‍රදේශයේ දී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනාකමින් යුතු යතුරුපැදියක් පැහැරගෙන ගිය කල්ලියේ පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය පවසයි.
අත්අංගුවට ගත් එම පිරිස අතර මවක හා දියණියක් මෙන්ම නාවික හමුදාවේ හිටපු සෙබලුන් දෙදෙනෙකු ද වන බව පොලිසිය කියයි.
එම සැකකරුවන් සමඟ වෙඩි තැබීමට යොදා ගත් ටී පනස් හයේ ගිනි අවියක්, කොල්ලයට පැමිණි මෝටර් රථය හා පැහැරගත් යතුරුපැදිය ද පොලිස් බාරයට ගෙන ඇත.

