බේරුවල මියගිය අයගේ පවුල්වලට ලක්ෂයක් වන්දි


කළුතර කටුකුරුන්ද මුහුදේ දී බෝට්ටුවක් පෙරළීයාමෙන් ජිවිතක්ෂයට පත් වූ පුද්ගලයින්ගේ පවුල් වෙත රුපියල් ලක්ෂයක මූල්‍ය ප්‍රදානය අද (22) සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

බේරුවල ශාන්ත ආනා දේවස්ථානයේ පැවැති යාඥා මෙහෙයෙන් පසු මියගිය 15 දෙනාගෙන් 7 කගේ අවසන් කටයුතු සිදු කෙරුණු අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා වන්දි ප්‍රදානය සිදුකළ අතර එම අවස්ථාවට මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරුතුමන් ද එක්විය.

katu-01 Katu-02 Katu-03