බේරුවල බහුදින යාත්‍රා 40 ක ඩෙංගු කීටයින්


(සුමිත් පොතුපිටිය )

බේරුවල ධීවර වරායේ බහුදින ධීවර යාත්‍රා 40කට ආසන්න ප්‍රමාණයක ඩෙංගු කීටයින් හදුනාගත් බව කළුතර සෞඛ්‍ය වෛද්‍ය විද්‍යායතනය සදහන් කරයි.

කළුතර සෞඛ්‍ය වෛද්‍ය විද්‍යායතනය සහ බේරුවල  සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය එක්ව අද සිදුකළ මෙහෙයුමකදී ඩෙංගු කීටයින් බෝවී ඇති බහුදින යාත්‍රා හදුනාගත් බව සදහන් වේ.

වෙරළ ආරක්ෂක බළකායට  අයත් නිළධාරීන් නාවික හමුදා අධිවේගී යාත්‍රා උපයෝගී කරගනිමින් මෙහෙයුම සිදුකර ඇත.

බේරුවල, මග්ගොන සහ පයාගල ඇතුළු ප්‍රදේශවල ධීවර පවුල් කිහිපයක් ඩෙංගු රෝගයට ගොදුරු වීම හේතුවෙන් සොයාබැලීමේදී බේරුවල ධීවර වරාය මුල්කර ගනිමින් රෝගය බෝවන බවට නිරීක්ෂණයවී මෙහෙයුම සිදුකර ඇති බව සදහන් වේ.

ඒ අනුව දැඩිලෙස සෞඛ්‍ය  උපදෙස් කඩකල බහුදින යාත්‍රා හිමිකරුවන් 14 දෙනෙකුට නඩු පැවරූ බවද සදහන් වේ.