අම්බලන්ගොඩ මාදම්පා ගඟේ මෝය කටේ ගිලෙන්න ගිය තරුණයෙකු බේරා ගන්නට ගිය රක්ෂණ තරුණයෙකු දිය වැලකට අසුවී මිය ගිය බව පොලීසිය පවසයි. ඔහු බේරා ගැනීමට තවත් තරුණයෙකු උත්සහ කළත් එය අසාර්ථක වී ඇත. දියේ ගිලෙන්නට ගිය අනෙක් තරුණයා ගල් පරයක් අල්ලාගෙන බේරුණු බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසයි.

