බේරුණු ගුවන් භටයා මරුට


හෝකන්දර ගුවන් අනතුරින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ නාමල් චතුරංග (26) මියගිය බව ජාතික රෝහල කියයි.

ඔහුගේ ජීවිතය බේරාගැනීමට වෛද්‍යවරුන් ලොකු සටනක් කළ බවත් ඔහුගේ පාද සහ අතක් ද කැපීමට සිදුවූ බවත් රෝහල් ආරංචි කියයි.

පසුගිය 12 වැනිදා ගුවන් හමුදාවට අයත් ඇන්ටනොව් 32 යනාය කඩා වැටී එහි සිටි භටයන් තිදෙනකු මිය ගියේය.