බේරාගත් අය මොන රටේදැයි ප්‍රශ්නයක් ?


ශ්‍රී ලංකාවට නැගෙනහිරින් මුහුදු සැතපුම් 230 ක් පමණ ඈත මුහුදේ අතරමංව සිටියදී නාවික හමුදාවෙන් බේරාගත් 32 න් යුතු පිරිස මියන්මාර් ජාතිකයන් යැයි තහවුරුකැරගත නොහැකි බව ද ඔවුන් බංග්ලාදේශය හා මියන්මාරය (බුරුමය) දේශසීමා අතර ජීවත්වන රෝහිණියා නමැති සුළුතර ජන කොට්ඨාශයට අයත් පිරිසක් විය හැකියැයි ද ආගමන විගමන පාලක ජනරාල් චූලානන්ද පෙරේරා මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ මියන්මාර් තානාපති කාර්යාලයට ඔවුන් ගැන දන්වා යවා ඇතත් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි. බේරාගත් පිරිසගෙන් අට දෙනකු තවමත් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනෙක් පිරිස ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලනයේ පවතින අතරමැදි කඳවුරට යවා ඇත. එම පිරිස පවසන්නේ ආපසු තම රටට යාමට නොහැකි බවයි.