මත්පැන් බී අඹූ දරුවනට හිරිහැර කරතියි කියන සැමියකු මත් පැන් බොන කාල සීමාවේදී වීරඹුගෙදර පොලීසියේ පෙනී සිටින ලෙස කුරූණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා නියෝග කළේය
බිරියට හා දරුවනට වද හිංසා කරතියි කියන මේ සිව් දරු පියා යහමගට ගැනීමට නම් සිරගෙට යැවීමෙන්වත් දඩ ගැසීමෙන්වත් පළක් නැතැයි මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය
පොලිස් පරීක්ෂක ලක්දාස් අබේගුණවර්ධන මහතා-
දිනපතාම සවස 5 ට පෙර මත් පැන් බීමට පුරුදුව සිටි සැකකරු ගෙදර ගොස් අඹු දරුවනට හිරිහැර කරනවා.
මහේස්ත්‍රාත්
එහෙම නම් මොහුට දඩ ගැසීටමන්වත් හිර ගෙට දැමීමෙන්වත් පළක් නෑ .බොන වේලාවට (5.30-8.30) පොලීසියේ රඳවා තැබීමට නියෝග කරනවා.
රුපියල් 2500 ක ඇපයක් මත නිදහස් කළ ඔහු ඇප අවලංගුකර උපරිම දඩයක් සමග සිර දඩුවම් නියම කරන බවද මහේස්ත්‍රාත් නියෝග කළේය.