උතුරු චීනයේ නගරයක බේබද්දෙක් නගර වැසියනට පැය කිහිපයක් විදුලිය අහිමි කෙළේය.
කටගණනක් බී විදුලි කණුව දිගේ ඔහු ඉහළට නඟිද්දී සේවකයෝ නගරයේ විදුලිය විසන්ධි කළහ.
නින්ජාවකු මෙන් විදුලි රැහැන් දිගේ බඩ ගෑ ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හුලං පිරවූ මෙට්ටයක් උපයෝගී කර ගැනීමට පොලීසියට සිදු විය.