ගාල්ල,කරාපිටිය මහ රොහලෙන් රෝගියකු දහවල් සිට රෝහල ඉදිරිපිට උපවාසයක් ඇරැඹීය. මාස තුනක පමණ සිට බෙහෙත් ලබා නොදෙන බවත් ඒ වෙනුවට බෙගෙත් පිටින් ලබා ගැනීමට තුණ්ඩු පමණක් දෙන බවත් ඔහු කියයි.
බෙහෙත් මිලට ගැනීමට මුදල් නැතැයිද ඔහු පවසයි. බෙගෙත් ලබාදීමට බළධාරින් ක්‍රියා කරනතුරු උපවාසය අත් නොහරින බවත් ඔහු කියයි.
රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතාගෙන් විමසූවිට,"තමා දන්නා තරමින් රෝහලේ එවැනි දැඩි බෙගෙත් හිඟයක් නොමැති බවත්,ඒ පිළිබඳව විමසිය යුත්තේ බෙහෙත් සැපයුම් අංශයෙන් බවත් පැවසීය.

