බේක් හවුස් නම බේක් හවුසියට පමණයි


‘බේක් හවුස්‘ යන නම පාවිච්චි කිරීම තහනම් කරමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු එල් පී බී දෙහිදෙනිය මහතා කොළඹ ඩීන්ස් පාරේ ටෙස්ටා බේක් හවුස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට අද වාරණ දෙකක් නිකුත් කළේය.

‘ටෙස්ටා‘ යන නම නොපෙනෙන ලෙස ද, බේක් හවුස් යන නම කැපී පෙනෙන ලෙස ද නාම පුවරුවේ ඇතැයි බේක් හවුස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය පැමිණිල්ලක් ගොනු කර තිබිණි.

බේක් හවුස් නාමය පාවිච්චි කිරීමෙන් තමාට අසාධාරණයක් මෙන්ම බුද්ධිමය දේපොළ පනත උල්ලංඝණය වීමක් ද සිදු වන බව බේක් හවුස් පැමිණිල්ලේ සඳහන් වේ.

විභාගය ලබන 22 වැනි දාට කල් තැබිණි.