බෙහෙත් සමාගම වැරදිකරු කරයි


 මුද්‍රිත මාධ්‍ය භාවිතා කරමින් මහජනයා වෙත කරන වෙළඳ ප්‍රචාරක දැන්වීමක සටහන් කළ යුතු කරුනු සටහන් නොකර පැරසිටමෝල් වර්ගයේ ඖෂධයක් වන පෙනඩෝල් ප්‍රචාරය කිරීම ඇතුළු  චෝදනා තුනකට  අධිකරණය හමුවේ වරදකරු වූ පෞද්ගලික සමාගමකට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් නදීකා ඩී.පියරත්න මහත්මිය   රුපියල් හතලිස් දහසක දඩයක් නියම කළාය.

මෙසේ දඩ නියම වූයේ කොළඔ 01,ලෝක වෙළෙද මධ්‍යස්ථානය, දකුනු කුලූන,  34 වන මහල ලිපිනයේ, ස්මිත් ක්ලයිම් බීචම් පෞද්ගලික සමාගමටයි.

රුපියල් හතලිස් දහසක දඩයෙන් අනුරාධපුර රෝහලේ පිළිකා වාට්ටුවේ නේවාසික රෝගීන්ට පානීය ජල බෝතල බෙදා දෙන ලෙස ද,  එසේ බෙදූ බවට රෝහල් අධ්‍යක්ෂගේ ලිපියක් ලබන 17 වැනි දා ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය